මහර බන්ධනාගාරය සන්සුන් කළේ ජනපති නියෝග මත !
1 min read
මහර බන්ධනාගාරය තුළ ඇති වූ සිරකරු කැරැල්ල හමුවේ බන්ධනාගාර නිලධාරින් වහාම රාජකාරියෙන් පසු බැස ගිය බව මේ වන විට අණාවරණය වී තිබේ.
එම තත්වය තුළ සිරකරුවන් තමන්ට රිසි පරිදි බන්ධනාගාරයේ පාලනය තමන් නතු කරගෙන දේපළවලට ගිනි තබමින් ප්‍රචණ්ඩව කටයුතු කර ඇත. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට භාහිරව පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදා කණ්ඩායම් පැමිණිය ද ඔවුන් කිසිදු ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැත.
තත්ත්වය දිගින් දිගටම පාලනයකින් තොරව පැවතීම හමුවේ කලබලයට පත් ජනාධිපති අනුර කුමාර, පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ කැරැල්ල මෙහෙයවන ප්‍රධාන සිරකරුව මරා දමන ලෙසයි. පොලිස්පතිවරයා එම නියෝගය බන්ධනාගාරය අසල සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකුට දන්වා තිබේ. එය කිරීම ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, පසුව ජනාධිපති අනුර කුමාරම දුරකථන ඇමතුමකින් සම්බන්ධ කරගෙන ඇත. එහිදී ජනාධිපතිවරයා පෙර නියෝගය නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇත. එහිදී එය කිරීමේ වගකීම බාරගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියකු යොදවා කැරැල්ල මෙහෙය වූ සිරකරුවා ඉලක්ක කර වෙඩිතබා මරාදමා තිබේ.
අපගේ වාර්තාවන්ට අනුව, මියගිය සිරකරුවකුගේ සිරුර ලෙස රෝහලට ගෙන ගොස් ඇත්තේ මේ සිරකරුවාගේ සිරුර නොවේ.
- රවී කහඳකම
