උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
1 min read
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විශේෂ අවවාදාත්මක නිවේදනයකට අනුව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙන්ම කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා දැඩි උණුසුම් කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එම ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම, එනම් උණුසුම් දර්ශකය, විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ඉහළ මට්ටමක පැවතිය හැකි බවට එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
