September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හක්මන නන්දාලෝක සැප සේ වෙසේ !

1 min read

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු සල්ලි බවට පෙරලන හක්මන නන්දාලෝකනම් චීවරධාරියා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ පූර්ණ රැකවරණය යටතේ ප්‍රභූ පොලිස් ආරක්ෂාව ද සහිතව වෙසෙන බව අප වෙත වාර්තා වී තිබේ. පසුගිය දා ඩුබායි රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවට නෙරපාහරින ලද ශිරාන් බාෂික් නම් පළමු පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් උපයන ලද මුදල් ප්‍රමාණයක් ද හක්මන නන්දාලෝක හරහා විවිද කටයුතු වෙනුවෙන් ආයෝජනය කර ඇතැයි විමර්ශනවල දී අණාවරණය වී තිබේ.

ජ.වි.පෙ. පාලක ලේකම් කලවැල්ගල චන්දාලෝක හරහා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ සබඳතා ඇතිකරගෙන ඇති හක්මන නන්දාලෝක රඛිත රාජපක්ෂ සමඟ අරඹන ලද සමාගමක් හරහා බාල ගල් අඟුරු ජාවාරමට ද පුරෝගාමීව සම්බන්ධ වී තිබේ. ජ.වි.පෙ. අරමුදලට කෝටි ගණනින් ආධාර කර ඇති හක්මන නන්දාලෝක අමාත්‍ය ලාල් කාන්ත විසින් මෑතක දී ඉදිකරන ලද තෙමහල් නිවස ඉදිකිරීම සඳහා ද ලක්ෂ 50 ක මුදලක් පිරිනමා ඇත.

කුඩු ජාවාරමෙන් උපයනු ලබන බොහෝ පාතාල කල්ලි නායකයන් සිය නීති විරෝධී මුදල් විවිද ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට යොදා ගනු ලැබ තිබෙන එක් ප්‍රමුඛ චරිතයක්ව ඇත්තේ හක්මන නන්දාලෝක ය. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ද හක්මන නන්දාලෝකගේ ඉතා සමීප මිතුරකුව ඇත්තේ, ටිල්වින් සිල්වාගේ හඳුන්වාදීම මතය.

ජනප්‍රිය පුවත්  හර්ෂව උස්සන්න! ඉන්දීය මහ කොමසාරිස් කියයි.

හරක් කටාගේ බිරිඳගෙන් රඛිත රාජපක්ෂලා ලබාගත්තායැයි කියන මුදල් වලින් කොටසක් හක්මන නන්දාලෝක වෙත ද ලැබී ඇති බව විමර්ශකයන් අණාවරණය කරගෙන ඇතත්, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්ගේ බලපෑම මත විමර්ශන ඊට අදාළව ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබේ.

  • ජයනි කහතුඩුව
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x