October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩුබායි රජය ශිරාන් බාසික්ව ලංකාවට පිටුවහල් කරයි !

1 min read

ශ්‍රී ලංකාවේ මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ශිරාන් බාසික් ඩුබායි රජය විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. ඒ අනුව අගෝස්තු 14 රාත්‍රී 8 – 9 අතර කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන ගුවන්යානයකින් ඔහු ශ්‍රී ලංකාවට පැමිනෙනු ඇතැයි පැවසේ.

ඩුබායි ආරක්ෂක අංශ විසින් ශිරාන් බාසික් අත්අඩංගුවට ගත්තේ 2026 මැයි 26 වන දා ය. ශිරාන් බාසික් සහ “ඇල්ටො ධර්මෙ” ඇතුළු තවත් අපරාධකරුවන් පිරිසක් ද ඒ සමඟ අත්අඩංගුවට ගැනුනි. ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධානතම ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙක් වන අතර ඔහුව හඳුන්වනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාලයේ “ගෝඩ් ෆාදර්” ලෙසය.

ශිරාන් බාසික්ව ඩුබායි රජය විසින් ශ්‍රී ලංකාවට පිටුවහල්කිරීම මෙරටට නිල වශයෙන් දැනුම්වත් කර නැතැයි පැවසේ. බුද්ධි තොරතුරු ලබාදෙන අයකු මාර්ගයෙන් එරටින් ඔහුව පිටුවහල්කරන ලද බව දැනගැනීමෙන් පසු මෙරට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී තිබේ.

ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු සබඳතා පවත්වා ඇතැයි හෙළි වී තිබෙන ශිරාන් බාසික් සතුව මෙරට සහ විදෙස් රටවල මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන සහ සුඛෝපභෝගී දේපළ පවතින බව කියැවේ. බුද්ධිඅංශ වාර්තාවලට අනුව මොහු පොලීසිය, ප්‍රමුඛ පෙළේ දේශපාලඥයන් සහ සමාජයේ බලගතු පුද්ගලයන් සමග සමීප සබඳතා පවත්වා තිබේ.

ජනප්‍රිය පුවත්  ගල් අඟුරු 'ස්පොට්" ටෙන්ඩරයත් බාල ගල් අඟුරු ගෙන ආ සමාගමට!

මොහුගේ පුත් නදීන් බාසික් ද මත්ද්‍රව්‍ය චෝදනා මත 2024 අගෝස්තු මාසයේ දී කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැණුනි.

  • සාලිය සිරිවර්ධන
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x