ලෝක ඉතිහාසයේ කිසිදු රටකට එල්ල නොකළ මට්ටමේ අතිදැවැන්ත ආර්ථික තහංචි මාලාවක් ලබන සතියේදී ඉරානයට එරෙහිව ප්‍රකාශයට පත්කරන බවට ඇමරිකාවෙන් නිවේදනයක් !
1 min read
ජනාධිපතිවරයාගේ නියෝග මත ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පවතින පීඩනය “Epic Fury” තත්ත්වයේ සිට “Economic Fury” මට්ටම දක්වා ඉහළ නංවා තිබේ! මේ අනුව ඉරාන පාලනය ආර්ථිකමය වශයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීම සඳහා ලෝක ඉතිහාසයේ මෙතෙක් කිසිදු රටකට පනවා නොමැති තරමේ දැඩි මට්ටමේ ආර්ථික සම්බාධක මාලාවක් ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරයි !
“ලබන සතියේදී නිකුත් වීමට නියමිත විශේෂ නිවේදන දෙස අවධානයෙන් සිටින්න” යනුවෙන් සඳහන් කළ භාණ්ඩාගාර ලේකම්වරයා, ඉරානයේ නීති විරෝධී කටයුතු සහ කලාපීය තර්ජන මැඩපැවැත්වීම වෙනුවෙන් ඇමරිකාව සියලුම ආර්ථික බලතල උපරිමයෙන් භාවිත කරන බව තහවුරු කර සිටී.
