September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. – නීතිඥ කණිෂ්ක විතාරණ

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සමග අන්තර්ජාල නාලිකාවකදී විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කණිෂ්ක විතාරණ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළව ගෙන එන සංශෝධන සඳහා ජනමත විචාරණයක අවශ්‍යතාව පවතින බව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා මෙහිදී පෙන්වා දෙයි.

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන නීතිමය සහ දේශපාලනමය තත්ත්වයන් හමුවේ එහි අවසාන වින්දිතයා බවට පත්වන්නේ ජනාධිපතිවරයා බව ඔහු මෙහිදී පෙන්වා දෙයි.

අධිකරණවල නඩු ගොඩගැසීමට විසඳුමක් ලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන එන තර්කයන්හි පවතින ප්‍රායෝගික හා නීතිමය ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

මෙම සංවාදය හරහා ව්‍යවස්ථාපිත සංශෝධන, මහජන පරමාධිපත්‍යය සුරැකීම සහ විධායකය හා අධිකරණය අතර පවතින බලතල සමතුලිතතාව පිළිබඳ වැදගත් නීතිමය විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ.

ජනප්‍රිය පුවත්  25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x