විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
1 min read
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, මෙම බඳවාගැනීම් ක්‍රියාවලිය පිටුපස දේශපාලනමය සහ මර්දනකාරී අරමුණක් පවතින බවත්, මෙම නිලධාරීන් බඳවාගත් පමණින් බන්ධනාගාරවල ගැටළු විසඳීමට නොහැකි බවත් ය.
බන්ධනාගාරතුළ පවතින සේවා හිඟය පියවීම සිදුකළ යුතු වුවත් රස පරීක්ෂක දෙපාර්තමෙන්තුවට බඳවා ගැනීම් පුළුල් කිරීම, දඩගෙවා ගැනීමට නොහැකි වූවන්ට ශ්‍රමයෙන් දඩගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදීම වැනි විසඳුම් හරහා බන්ධනාගාර තදබදය අවම කිරීම වැනි පුළුල් ක්‍රියාවලියකට යොමුවනවා වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවාගත් පමණින් මෙම ගැටළුවලට විසිඳුම් නොලැබෙන බවත් ඒ මහතා අවධාරණය කරයි.
