September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න” – ඇමති විජිත

1 min read

සෑම පුරවැසියෙකුට තමන්ගේම වාහනයක් පාවිච්චි කරනා රටක් නිර්මණය කිරීම තම රජයේ අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

”රජයක් විදිහට අපි ඒ සඳහා අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. මොකද අපිටත් ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න. ඒ වාහනයේ තමන්ගේ ජීවිතය සතුටින් ගෙවන්න. ඒ වාහනය පාවිච්චි කිරීම හරහා තමන්ගේ අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටු කරගන්න. ඉතින් ඒ තත්ත්වය ඇති කරන්න රට ගොඩක් වෙනස් කරන්න ඕනිකම තියෙනවා. ඔබ දන්නවා මීට අවුරු දෙකකට කලින් කිසිදු වාහනයක් ලංකාවට ගේන්න හැකියාව තිබුනේ නැහැ. සම්පූර්ණයෙන්ම වාහන ආනයනය නතර කරලා තිබුණේ. ඉතින් අපි සමත් වුණා රටක් විදිහට කෙටි කාලයක් තුළ වාහන ආනයනය නැවත පටන් ගන්න.

අද සීමාවකින් තොරව ඕනෑම වර්ගයක වාහනයක් ගෙන්වන්න ඉඩ ප්‍රස්ථාවක් සපයලා තියෙනවා. මැද පැරදිග අනපේක්ෂිත යුද තත්ත්වය නිසා මේ බදුවල යම් යම් සීමා ඇති කරලා තියෙනවා. නමුත් ඒවා තාවකාලිකයි. ඒ තාවකාලික සීමා කිරීම් අපි අනිවාර්යයෙන් ඉවත් කරනවා මැද පෙරදිග යුදමය තත්ත්වය අවසන් වූ විගස.”

ජනප්‍රිය පුවත්  දිට්වා ආපදාවේ සහන සේවා නාය ගිහින්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x