October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවත් ඔස්ට්‍රේලියාවක් කරනවා..- ඇමති හදුන් ඔස්ට්‍රේලියාවේදී කියයි

1 min read

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම මව්බිම තුළ ද ඔස්ට්‍රේලියාවේ පවතින ආකාරයේ නිදහස්, සාමකාමී සහ නීතිය අකුරටම ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය කර දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති “ව්‍යවසායකයන්ගේ රාත්‍රිය 2026” (Entrepreneurs’ Night 2026) විශේෂ හමුව අමතමිනි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, බොහෝ පිරිසක් මෙරටින් බැහැරව ඔස්ට්‍රේලියාව වැනි රටවල් කරා සංක්‍රමණය වූයේ නිදහස් අධ්‍යාපනයක්, ස්වාධීන ජීවන රටාවක් සහ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන පරිසරයක් අපේක්ෂාවෙන් බවයි.

එම අපේක්ෂාවන් ඉදිරි කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ද සැබෑ කරන බවට ඔහු මෙහිදී සහතික විය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ පවතින ප්‍රධාන ගැටලු වන මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටින බව හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x