කුඹුරු අක්කර 8,000ක් විනාශයි..
1 min read
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුව ඇති වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන්කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ පවතින අධික වියළි කාලගුණය නිසා මේ වන විට කුඹුරු අක්කර 8,000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.
වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල කුඹුරු වගාවන්ට ය.
මේ වන විටත් හානියට පත් වගාබිම් පරීක්ෂා කරමින් හානි ප්‍රමාණය තක්සේරු කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, මෙම වගා කන්නය අවසන් වීමට පෙර හානියට පත් සියලුම ගොවිබිම් සඳහා හිමි වන්දි මුදල් ලබාදීමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
