November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටින් පෝලිම… රට පුරාම

1 min read

වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය අනිවාර්ය කිරීමට පියවර ගැනීමත් සමඟ, එම අංකය ලබාගැනීම වෙනුවෙන් දිවයින පුරා පිහිටි දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාල ඉදිරිපිට අද (03) දිනයේ පෝලිම් නිර්මාණය විය.
නොවැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබීම හේතුවෙන් විශාල පිරිසක් එකවර මෙම අංකය කඩිනමින් ලබාගැනීමට පැමිණීම මෙලෙස පෝලිම් නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වී තිබේ.

එලෙස පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටි ජනතාව මැසිවිලි නඟන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂ හේතුවෙන් අද දිනයේ බොහෝ කාර්යාලවලින් ටින් අංක නිකුත් කිරීම අත්හිටුවා තිබූ බවයි.

මේ අතර, කාර්යාල වෙත නොපැමිණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමයට අදාළ අංකය ලබාගැනීමට උත්සාහ කළද, එකවර විශාල පරිශීලකයන් පිරිසක් පද්ධතියට ප්‍රවේශ වීම හේතුවෙන් එම මාර්ගගත සේවා පද්ධතිය ද සම්පූර්ණයෙන්ම බිඳවැටී ක්‍රියාවිරහිත වී ඇති බවට ජනතාව දැඩි චෝදනා නඟති.

ජනප්‍රිය පුවත්  විපක්ෂයට හඳට ගිහින් එන්න වෙයි අපට දූෂණ චෝදනා කරන්න ! අපේ ඇමතිවරු ඒ තරම් පිරිසිදුයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන වැඩසටහන යටතේ මෙරට බදු දැල පුළුල් කිරීම සහ රජයේ ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම පුරවැසියන් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ලබාගැනීම රජය විසින් අනිවාර්ය කරනු ලැබීය.

ඉන් අනතුරුව, මෝටර් රථ ලියාපදිංචිය, වාර්ෂික ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් හා දේපළ පැවරීම, බැංකු ජංගම ගිණුම් විවෘත කිරීම සහ ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම ඇතුළු මූලික මහජන සේවාවන් රැසක් සඳහා මෙම ටින් අංකය අනිවාර්ය ලේඛනයක් බවට පත් කරමින් මුදල් අමාත්‍යාංශය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x