April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂයට හඳට ගිහින් එන්න වෙයි අපට දූෂණ චෝදනා කරන්න ! අපේ ඇමතිවරු ඒ තරම් පිරිසිදුයි!

1 min read

විඉතිහාසයේ වසර 15ක් තිස්සේ ගෙන්වූ ගල් අඟුරු නැව් 462 සම්බන්ධයෙන් සෙවීම සඳහා බලයලත් කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“මේ විශ්වාස භංගයේදී ප්‍රමාණාත්මකව නොව කරුණු සහිතව සිදුවූ දේ අනාවරණය කරන්නට අප ලෑස්තියි. ගල් අඟුරු ඉස්සෙල්ලාම ගෙන්වන්නට පටන් ගත්තේ අපේ ආණ්ඩුවෙන් නොවේ. ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ක්‍රියාවලිය දැන් වසර 15ක් තිස්සේ සිදුවෙනවා.

විගණකාධිපති වාර්තාවේ සඳහන් වන හැටියට 2010 ජූලි මාසයේ සිට 2026 මාර්තු වන විට ගල් අඟුරු නැව් 462ක් පැමිණ තිබෙනවා. ගල් අඟුරු නැවක් කියන්නේ මෙට්‍රික්ටොන් හැටදහසක්. දළ වශයෙන් ගත්තොත් ගල් අඟුරු එක නැවක ඩොලර් මිලියන හතරක පහක වටිනාකමක් තිබෙනවා. එසේ ගත් විට පසුගිය වසර වල ඩොලර් බිලියන දෙකහමාරක් පමණ ගල් අඟුරු වලට මුදල් ගෙවා තිබෙනවා.

එහෙත් ගල් අඟුරු සැපයුම වෙනුවෙන් නිසි ප්‍රසම්පාදනයක් සහ තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කරමින් සිටින්නේ මේ යුගයේදීයි. පසුගිය වසර 15දීම සිදුවූයේ කුමක්ද? වසර පහළොවකින් පසුව ඒ ක්‍රියාවලිය ස්ථාපිත කරන්න සිදුවී තිබෙන්නේ අපටයි. 2010 සිට 2015 වන තෙක් කිසිදු ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ගල් අඟුරු ගෙන්වා තිබෙනවා.

ජනප්‍රිය පුවත්  පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් ගුටිබැට හුවමාරුවක - සිසුවෙකු මරුට

අපේ ඇමතිවරුන්ට දූෂණ චෝදනා එල්ල කරන්න Aartemis – හදාගෙන හඳට ගිහින් එන්න. ඒක සාර්ථක වෙන්නේ නෑ. වෙන වෙන දේවල් අල්ලගන්න බලන්න. මේ ඇමතිවරුන්ට වංචා දූෂණ චෝදනා එල්ල කරන්න තමුන්නාන්සේලාට බෑ.”

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනා විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x