October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාලන බලය අපේ වුනත් තාම රජ්‍ය බලය ගන්න බැරිවුනා.. – ලාල් කාන්ත

1 min read

වත්මන් පාලන බලය ජාතික ජන බලවේගය සතු වුවද, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තවමත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වී නොමැති බවත්, රාජ්‍ය සේවයේ ඇතැම් දෙපාර්තමේන්තු තවමත් පැරණි ක්‍රමවේද ඔස්සේ අකාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ වාර්ෂික හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තමන් කිසිවිටෙක මෙය ‘අපේ රජය’ ලෙස සම්පූර්ණයෙන් අර්ථ නොදක්වන බවත්, මෙය හුදෙක් ‘අපේ ආණ්ඩුව’ පමණක් බවත් පැහැදිලි කළ අමාත්‍යවරයා, වසර ගණනාවක් තිස්සේ මුල්බැසගත් රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතා සහ අක්‍රමිකතා තවමත් එලෙසම පවතින බැවින්, සමස්ත රාජ්‍ය තන්ත්‍රය නිවැරදි මාවතකට ගැනීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බව පෙන්වා දුන්නේය.

දූෂණයට හා වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඊට අකමැති පිරිස් පද්ධතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවද හෙතෙම කියා සිටියේය.

රටේ සංවර්ධනය වෙනුවෙන් අයවැය මඟින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන නිසි පරිදි ජනතාව වෙනුවෙන් ඵලදායීව යෙදවීමට රාජ්‍ය යාන්ත්‍රණය අසමත්ව සිටීම තමන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බව ලාල් කාන්ත මහතා අනාවරණය කළේය.

ජනප්‍රිය පුවත්  විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානි කිරීමක්ද?.. - නීතිඥ රාජා ගුණරත්නගෙන් නීතිමය විග්‍රහයක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x