October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“තිරිඟු පිටි මිල ඉහළ දැමීම ගැන අපිව දැනුවත් කරලා නෑ.. වැටලීම් ආරම්භ කළා..” – පාරිභෝගික අධිකාරිය..

1 min read

පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රු. 13කින් ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.

ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බවට පාරිභෝගික අධිකාරිය දැනුම්වත් වූයේය මාධ්‍ය වාර්තා මගින් බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති බවට වූ පුවතක් මාධ්‍ය නිවේදනය කළා. නමුත් මේ සම්බන්ධව පාරිභෝක අධිකාරිය හැටියට අපව දැනුම්වත් කිරීමක් සිදුවෙලා තිබ්බේ නෑ.

අපි දැනගත්තෙත් මාධ්‍ය මගින් ප්‍රචාරය වූවාට පසුව. ඒ දැනගත් විගසම අපි තිරිඟු පිටි නිෂ්පාදනය කරන ආයතනවලට ඔවුන්ගේ මිල වැඩි කිරීමට හේතුව සහ මිල වැඩි කරා නම් ඒ කොපමණ මුදලකින් වැඩි කරාද කියන තොරතුරු විමසීමක් කලා. මේ වනවිට ඊමේල් පණිවුඩ මගින් අපි ඔවුන්ගෙන් තොරතුරු විමසීමක් කර තිබෙන්නේ.

ජනප්‍රිය පුවත්  මාලිමාවේ නගරාධිපති ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටු!

කෙසේ නමුත් තිරිඟු පිට මිල වැඩි කිරීමට එරෙහිව අප අද දිවයින පුරා වැටලීම් සිදු කරනවා. වැඩි මිලට පිටි අලෙවි කරන්නන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. මේ සම්බන්ධව ආයතන වශයෙන් එවන් ලද පිළිතුරු අනුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අපගේ පනත අනුව තිරිඳු පිටි නිශ්චිත භාණ්ඩයක් හැටියට හඳුන්වලා දී තියෙනවා. ඒ අනුව පිටි මිල සංශෝධනය කරනවා නම් පාරිභෝග කටයුතු අධිකාරිය දැනුවත් කරලා ඔවුන් අපත් සමග සාකච්ඡා කරලා යම් එකඟතාවකට ඇවිල්ලා තමයි මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු වන්නේ.

මේ දක්වා එලෙස සාකච්ඡාවක් හෝ අපව දැනුම්වත්කිරීමක් හෝ සිදුවෙලා නැහැ. ඒ නිසා අප ඔවුන්ගෙන් නියමානුකූලව විමසීමක් කරලා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න මැදිහත් වෙනවා.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x