November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

1 min read

කඩවත – මහකඩේ ප්‍රදේශයේදී පොලිසියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ තම දරුවාට සිදු වූ අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලමිනි.

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලාස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් සිදු කිරීමට ද බලාපොරොත්තු ඇය ප්‍රකාශ කළාය.

වෙඩි වැදුණු සිය දරුවාට සැත්කමක් සිදු කළ ද තවදුරටත් ඔහුගේ සිරුරේ උණ්ඩ කැබලි පවතින බවත් ඒ සමග ඔහුගේ අනාගතයට කුමක් වනු ඇද්දැයි යන ප්‍රශ්නය මතුව ඇති බවත් ඇය ප්‍රශ්න කර සිටියාය.

“මගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා තමයි මේක කරන්නේ. උදේ ගම්පහ පොලිසියට ගියා. එතැන හිටපු මහත්වරුන් එක්ක කතා කළා. ඒ මහත්වරුන් සාධාරණ විදිහට කතා කළා. ඊට පස්සේ කඩවත පොලිසියට ආවා. එයාලා ගත්තා මගෙන් කට උත්තරයක්. කට උත්තරය අරගෙන ඉවර වුණාට පස්සේ මම කිව්වා, වෙඩි තියන්න ටී-56ක් දෙද්දී, හුරුපුරුදු කෙනෙකුට ඕනේ ඕක දෙන්න. නිකම් ආවාට ගියාට පිස්සොන්ට වෙඩි තියන්න දීලා හරි යන්නේ නැහැ. වෙඩි තියෙනවා නම් තියන්න ඕනේ රෝද දෙකට. නැත්නම් දණහිසෙන් පහළට. මේක මනුස්සයෙක් මරන්න බලාගෙන වෙඩි තිබ්බා වගෙයි. තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් මගේ දරුවාගේ ජීවිතය ඉවරයි. දැන් තියෙන ප්‍රශ්නය දරුවාගේ ඇඟ ඇතුළේ කෑලි තියෙනවා. සම්පූර්ණයෙන් අයින් කරලා නෑ. ඒ්වා කරද්දී මගේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ?”

ජනප්‍රිය පුවත්  උල්කාපාත වර්ෂාව මෙවරත්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x