October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උල්කාපාත වර්ෂාව මෙවරත්

1 min read

”ඔරියෝනිඩ්ස්”උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ දැකගැනීමේ අවස්ථාව උදාවන බව මොරටුව ආතර් .සී. ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.

සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී දැකගත හැකි වන මෙම අවස්ථාව මෙවර 21 සහ 22 යන දිනවලදී පැහැදිලිව දැකගත හැකි වනු ඇතැයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වන්නේ ලොව ප්‍රකට ‘හැලීගේ ධූමකේතුව’ සෞරක්ග්‍රහ මණ්ඩලය හරහා ගමන් කිරීමේදී ඉතිරි කර යන දූවිලි හා කුඩා පාෂාණ අංශු පෘථිවි වායුගෝලයේ ගැටී දැවී යාමෙනි.

තත්පරයට කිලෝමීටර් 66 ක පමණ අතිශය වේගයකින් මෙම අංශු පෘථිවි වායුගෝලයට ඇතුළු වන බැවින්, ඒවා අහසේ වේගයෙන් ඇදී යන දීප්තිමත් ආලෝක ධාරා ලෙස අපට දිස්වේ.

පැහැදිලි අහසක් ඇති රාත්‍රියක, මධ්‍යම රාත්‍රියෙන් පසු (විශ ේෂයෙන් අලුයම් කාලයට ආසන්න වන විට) මෙය වඩාත් හොදින් නිරීක්ෂණය කළ හැක.

මේ සඳහා කිසිදු විශේෂ දුරේක්ෂයක් හෝ උපකරණයක් අවශ්‍ය නොවන අතර, පියවි ඇසින්ම නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් පිහිටි ‘ඔරායන්’ (දඩයක්කාරයා) තරු රටාව දෙස බැලීමෙන් මෙම උල්කා වර්ෂාව පහසුවෙන් දැකගත හැකිය.

ජනප්‍රිය පුවත්  ලෝක තෙල් මිල යළි ඉහළට
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x