October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නි. ඇමති ටී.බී. සරත් හා ගොවි සභාපති අතර දුරකථන සංවාදයක් එළියට..

1 min read

දේශපාලන පක්ෂ භේදයකින් තොරව ගොවි ජනතාව එක්ව පවත්වාගෙන යන ගොවි සංවිධානවල පරිපාලනයට දේශපාලන අධිකාරිය අතපොවන බවට චෝදනා කරමින්, බෙදුම්ඇල ගොවි සමිතියේ සභාපතිවරයා සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

අදාළ සංවාදයේදී ගොවි සමිතියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ, තමන් එක්සත් ජාතික පාක්ෂිකයකු වුවද ගම්වාසී ගොවි ජනතාවගේ පූර්ණ එකඟතාව මත ගොවි සංවිධානයේ සභාපති ධුරයට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයන් ගොවි සංවිධානයේ කටයුතු අකර්මණ්‍ය කිරීමට සහ එහි පරිපාලනයට දේශපාලනමය වශයෙන් මැදිහත් වීමට උත්සාහ දරන බවට ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ චෝදනා නඟයි.

ගොවි සංවිධාන තුළ ශ්‍රී ලංකා, එජාප හෝ මාලිමාව ආදී පක්ෂ භේද නොමැති බවත්, ගොවි ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වීමට ඉඩකඩ ලබා දෙන ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියි.

එමෙන්ම පසුගිය පාලන සමයන්හිදී අක්‍රමිකතාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වන නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙසත්, එවැනි පුද්ගලයන් ගොවීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. - මිහින්තලා හිමි

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ගොවීන් විසින් සභාපතිවරයා පත් කර ඇත්නම් එම ධුරයේ කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවත්, ගොවි සංවිධානය අකර්මණ්‍ය කිරීමේ කිසිදු වුවමනාවක් තමන්ට නොමැති බවත්ය.

යම් නිලධාරියකු අතින් වරදක් සිදුව ඇත්නම් ඊට එරෙහිව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන වෙත සාක්ෂි සහිතව පැමිණිලි කර නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ඔහු උපදෙස් දෙයි.

කෙසේ වෙතත්, බලයට පත්වන ඕනෑම රජයක් යටතේ රජයේ ව්‍යාපෘති සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ අදාළ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්ති හා විෂයභාර අමාත්‍යවරුන් හරහා බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, එය සාමාන්‍ය ක්‍රමවේදය බවත් ඊට දේශපාලන පළිගැනීම් හෝ ඇඟිලි ගැසීම් ලෙස අර්ථකථනය නොකළ යුතු බවත් අවධාරණය කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x