ආර්ථික වර්ධනය පහළ යාමේ අවදානමක්..
1 min read
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන භූදේශපාලනික ආතතීන් හේතුවෙන් ඉදිරියේදී රටේ ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යාමේ අවදානමක් පවතින බව මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කළ නවතම මූල්ය ස්ථායිතා විවරණ වාර්තාවකට අනුව, ඉහළ යන තෙල් මිල සහ නැව් ගාස්තු, දුර්වල විදේශ ඉල්ලුම මෙන්ම වැඩි වූ අවිනිශ්චිතතාවන් ආර්ථික කටයුතුවලට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බව එහි සඳහන් වේ.
මීට අමතරව, 2026 වසරේ මුල් කාලයේ අත්විඳින ලද දැඩි උෂ්ණත්වය සහ එල් නිනෝ වැනි අහිතකර කාලගුණ තත්ත්වයන් යළි ඇති වීමේ හැකියාව කෘෂිකාර්මික නිෂ්පාදන, බලශක්ති සැපයුම් සහ සමස්ත ආර්ථික ක්රියාකාරකම් කෙරෙහි ද සෘණාත්මක බලපෑමක් ඇති කළ හැකි බව මහ බැංකුව පෙන්වා දෙයි.
