September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මම ජනාධිපතිතුමාට පුතා කීවේ නෑ.. බොරු ප්‍රචාර ගැන කනගාටු වෙනවා..

1 min read

ජනාධිපති අනුර දිසානායක මහතාට තමා පුතා යැයි ආමන්ත්‍රණය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කතරගම දේවාලයේ හොරණෑ වාදන ශිල්පී ජේමිස් ගුරුන්නාන්සේ පවසයි.

තමන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳ කනගාටු වන බවත් දළදා පෙරහැර මංගල්‍යයට පසු සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී තමා එතුමාට ආමන්ත්‍රණය කළේ ජනාධිපතිතුමනි යනුවෙන් බවද ඔහු අවධාරණය කරයි.

පෙරහැරේ ශිල්පීන්ට සහතිකපත් ප්‍රදානය ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිවරයා බවත් තමා චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී යන ජනාධිපතිවරුන් අතින් සහතික ලබා ඇති බවත් ජේමිස් ගුරුන්නාන්සේ ප්‍රකාශ කරයි.

අනුර ජනාධිපතිතුමා මගෙන් විස්තර අහලා එතුමා මට “දීර්ඝායුෂ ලැබේවා!” කිව්වාම මම “ඔබතුමාටත් බුදු සරණයි!” කීවා යැයි ඔහු ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x