අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි
1 min read
අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම නිසා වාන් දරටු තුනම අඩි එකහමාර බැගින් අද (22) විවෘත කළ බව වැල්ලවාය වාරිමාර්ග ප්රාදේශීය ඉංජිනේරු චන්දිම සේනාරත්න පැවසීය.
එම නිසා අලිකොටආර ජලාශය අවට මෙන්ම කිරිඳිඔය පහළ,දෙපස හා ඒ ආශ්රිත ජනතාව ඔයට බැසීමේදී මසුන් ඇල්ලීමේදී සහ ඔය පරිහරණය කිරීමේදී ප්රවේශම් වන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටී.
