කලා ඔයත් ගංවතුර මට්ටමට ළං වෙයි – පහත්බිම්වල ජනතාව අනතුරු ඇඟවීමක්
1 min read
කලා ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ, රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාවල අයට ගංගා නිම්නයේ පහළ ප්රදේශවලට හා ඒ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවය.
එමෙන්ම රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්ත්පරයට ඝන අඩි 13,200කට අධික සීඝ්රතාවයකින් කලා ඔයාට ජලය මුදාහරිමින් පවතී.
ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්රදේශය හරහා ගමන් ගන්නා රියදුරන්ගේ හා මගීන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
