October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දැදුරු ඔය ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙයි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

1 min read

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝන අඩි 16,500ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බව දැනුම් දී ඇත.

මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව මත මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බව පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට හා ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවනු ලැබේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලබන අතර, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින්ද ඉල්ලා සිටී.

ජනප්‍රිය පුවත්  ආදායම් බදු වාර්තා ලක්ෂ 12න් භාරදී ඇත්තේ ලක්ෂයයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x