September 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනය ගැන ජනපතිට ලිපියක්

1 min read

වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ දැනුම්වත් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

‘ශ්‍රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනය’ මැයෙන් යොමුකර ඇති අදාළ ලිපිය මගින්, ජාතික බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථික ප්‍රකෘතිය අවදානමට ලක් කරන තීරණාත්මක ප්‍රතිපත්තිමය ගැටලු දෙක සම්බන්ධයෙන් හදිසි මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් නිකුත් කර ඇති ප්‍රකාශ ඇතුළු නිල පුරෝකථන අනුව, 2027 වසරේ මුල් භාගය වන විට 450 MWh දක්වා බලශක්ති හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බම එම ලිපියේ දැක්වේ.

වහල මත සුර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති (RTSPV) වේගයෙන් ව්‍යාප්ත කිරීම මෙම අර්බුදය අවම කිරීම සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුමක් බව පෙන්වා දී ඇත.

කෙසේ නමුත් මෑතකදී නිකුත් කර ඇති ප්‍රතිපත්තිමය උපදෙස්, ජාතික විදුලිබල පද්ධතියට සහාය විය හැකි මෙම ක්ෂේත්‍රයේ පැවැත්මටම තර්ජනයක් වී ඇති බවද පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  උගන්ඩාවේ විතරක් නෙවෙයි ඩුබායිවලත් සල්ලි හොයනවා! නලීන්ද ජයතිස්ස

වත්මන් වහල මත සූර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්ෂේත්‍රය, ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 2,600ක ධාරිතාවක් දායක කරන අතර, ආනයනික පොසිල ඉන්ධන සඳහා වැයවන මුදලින් මසකට ආසන්න වශයෙන් රුපියල් බිලියන 20.4 ක් ඉතිරි කිරීමට දායක වේ.

එසේ නිබියදීන් මෙම ක්ෂේත්‍රය නියාමනමය බාධක රැසකට මුහුණ දෙමින් සිටින බව පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x