ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට
1 min read
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.
එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයේ පරාජය ඊට හේතුවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
ඒ අනුව, ශ්‍රේණිගත ලකුණු 95කට හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 7වන ස්ථානය දක්වා පහතට වැටී ඇති අතර මෙතෙක් 7 වන ස්ථානයේ පසු වූ එංගලන්ත කණ්ඩායම 6 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන අතර දෙවන ස්ථානය නවසීලන්තයටත් එහි තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.
