September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“හොඳම පාසල, හොඳම රෝහල, හොඳම බස් එක දෙන්න තාම ආණ්ඩුවට බැරිවුණා” – නි. ඇමති ටී.බී. සරත්

1 min read

ජනතාවට දුන් පොරොන්දු තවමත් ඉටුකර ගැනීමට සිය රජයට නොහැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

ජනපති ප්‍රධානත්වයෙන් ඊයේ (12) පොළොන්නරුවේ පැවති ගොවි රැළියේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසා සිටියේ,

“ඔබව අතහරින්න හදපු ආණ්ඩුවක් නෙමෙයි මේක. හොඳම බස් රථය ඔයගොල්ලන්ට දෙන්න ඕනි. හොඳම රෝහල ඔයගොල්ලන්ට දෙන්න ඕනි. හොඳම පාසල ඔයගොල්ලන්ට දෙන්න ඕනි. ඒක තවම සම්පූර්ණ කරන්න ජාතික ජන බලවේග ආණ්ඩුවට බැරිවුණා. ඉදිරි වසර 3,4 යනකොට ඒ සියල්ල සම්පූර්ණ කරමින් ජයග්‍රහණ අත්පත් කරල දෙන්න අපි කටයුතු කරනවා” යනුවෙනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x