September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..

1 min read

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඊයේ (12) දහවල් නව දිල්ලි නුවරට ළඟා විය.

ඒ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවට අනුව, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වීම සඳහාය.

නවදිල්ලියේ Palam ගුවන් හමුදා කඳවුරට පැමිණි ඔහු, ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ඔහුව පිළිගැනීම සඳහා ඉන්දියාවේ චීන තානාපති Xu Feihong මහතා ද එක් ව සිටියහ.

චීන ජනාධිපතිවරයා මෝටර් රථයෙන් ගුවන් තොටුපළේ සිට නවාතැන් ගන්නා හෝටලය වෙත ගිය අතරතුර, ඉන්දියාවේ සිටින චීන ජාතිකයින් සහ චීන ආයෝජන සහිත ව්‍යාපාරවල නියෝජිතවරුන් මාර්ග දෙපස සිට චීනයේ සහ ඉන්දියාවේ ජාතික කොඩි වනමින් ෂී ජින්පිං ජනාධිපතිවරයා වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දුන් බවයි වාර්තා වන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x