October 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විධිමත් විමර්ශනයක් සිදුකරන්නැයි අධිකරණයෙන් නියෝග

1 min read

මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය විසින් ඊයේ (17) පශු වෛද්‍ය නිලධාරීන්ට මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව, හස්තියාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

එම පරීක්ෂණයෙන් අනතුරුව හස්තියාගේ මළ සිරුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ආරක්ෂිතව භූමදානය කරන ලෙස ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

විශේෂයෙන්, ඉදිරියේදී හස්තියාගේ ඇත්දළ යුගළ යළි ලබාගැනීමට හැකිවන පරිදි මළ සිරුර භූමදානය කළ යුතු බවත්, එම ස්ථානයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයිය යුතු බවත් වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

මීට අමතරව, කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද අදාළ නියෝගයේ සඳහන් වේ.

මීගලෑව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. වීරකෝන් මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝග නිකුත් කර ඇත.

ජනප්‍රිය පුවත්  අ.ඩො.මි 2.5ක සයිබර් වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය ලබන බදාදා..

කාවන්තිස්ස හස්තියාගේ මරණයට අදාළ නඩු කටයුත්ත ඉදිරියේදී ගල්ගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රංජන් බණ්ඩාර මහතා ඉදිරියේ යළි කැඳවීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x