October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

1 min read

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

මේ අතර, කන්සන්තුරය සිට පුත්තලම, කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැන් තැන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළඟේ වේගය පැ.කි.මී 20 – 30 ක් පමණ වේ.

ජනප්‍රිය පුවත්  කොටියා සමග ජ.වි.පෙ. ඇමැති !

දිවයින වටා මුහුද ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින අතර, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික පැ.කි.මී 60 – 70 තරම් වූ තද සුළං ඇති විය හැකි බවත් මුහුදු ප්‍රදේශ තාවකලිකව ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x