October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශිරන්තිව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි

1 min read

‘සිරිලිය සවිය’ ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මියව අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුකළේ නැත.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දැනුම් දෙන ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (12) බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම නිසාවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කළ බවය.

එමෙන්ම ඇයව මේ වනවිට විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් පවතින බවත් යන්න ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට කරුණු දැක්වීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ, සැකකාරිය ඊයේ දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව සැබෑවක් වුවත් ඇයව සැත්කමකට භාජනය කිරීමට අදාළව කිසිදු තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට වාර්තා වී නොමැති බව අධිකරණයට පැවසීය.

ඒ අනුව විවෘත අධිකරණය හමුවේ දී බන්ධනාගාර නිලධාරීන් ඇමතූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද දිනයේ දී ශිරන්ති රාජපක්ෂ විවෘත හදවත් සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද ? යන කරුණු තමන්ට වහාම පරීක්ෂා කර දැනුම්දෙන ලෙසට බන්ධනාගාර නිලධාරින්ට දැනුම්දෙනු ලැබීය.

ජනප්‍රිය පුවත්  විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

අදාළ වාර්තාව ලැබෙන තුරු නඩුව අද පස්වරු 2 දක්වා කල්තබනු ලැබීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x