අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම කඩාකප්පල් කරන්න පසන් අමරසේන බරටම වැඩ!
1 min read
ජූලි 18 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ (JSASL) මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීම සඳහා එම සංගමයේ සභාපති කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන ක්‍රියා කරමින් ඇතැයි අප වෙත වාර්තා වේ.
විනිසුරු පසන් අමරසේන දැඩි ජ.වි.පෙ. මතධාරියෙකි. අමාත්‍ය වසන්ත සමරසිංහ, අමාත්‍ය මහින්ද ජයසිංහ හා කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සම්බන්ධයෙන් වංචා සහගතව දේපල අත්පත් කර ගැනීමේ නඩුව විභාගවෙමින් පැවැතිය දී, එවකට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කරනු ලැබූ ඒ.ඩී චතුරිකා ද සිල්වා මහත්මිය පොලීසියට නියෝග කළේ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසය. එමෙන්ම විමර්ශන නිසි ලෙස අවසන් කිරීමට පෙර නඩු ගොනුව නීතිපතිවරයා වෙත කඩිමුඩියේ යැවීම ගැන ද විනිසුරුවරිය දැඩි ලෙස පොලිස් නිලධාරින්ට දෝෂාරෝපණය කළාය.
ඒ අවස්ථාවේදී, එම මහේස්ත්‍රාත්වරියව වෙනත් උසාවියකට මාරුකර යැවූ අධිකරණ සේවා කොමිෂම, ඒ වෙනුවට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පත්කර එවුවේ පසන් අමරසේන ය. වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිලි පාර්ශ්වය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පසන් අමරසේන විනිසුරුවරයා, නීතිපති උපදෙස් ලැබෙන තෙක් එවැනි නියෝගයක් නිකුත් කළ නොහැකි බවට තීන්දු කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු චූදිතයන්ව අත්වීමට ගිය ඉරණමෙන් බේරාගත්තේ ය.
ඒ වන විටත් කලින් සිටි මහේස්ත්‍රාත්වරිය අවස්ථා දෙකකදී වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ හා රන්ජන් ජයලාල් යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණි. පොලීසිය එම නියෝග ක්‍රියාත්මක නොකළ අතර, සිදුවූයේ එකී නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය වෙනත් උසාවියකට මාරුකර පසන් අමරසේන ඒ පුටුවේ හිඳුවා වසන්තලාගේ යහපතට හේතුවන පරිදි අදාළ නඩු විභාගය කෙළවර කිරීමය.
පසුව, මෙම පසන් අමරසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් බවට පත්කරන ලද්දේ ආණ්ඩුවට ඉතා අවශ්‍යව ඇති නඩු ගණනාවක්ම එම උසාවිය තුල විභාගයට ගැනෙන නිසාය.
දැඩි J.V.P. පාක්ෂිකයකු වන මොහු මේ වන විට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් වූ තමාට වඩා නීති අධ්‍යාපනය ලැබීමේ දී කනිෂ්ඨයන්ව සිටි සියලුම විනිසුරන්ට වෙන වෙනම අමතා එම සංගමයේ මහා සභා රැස්වීමට නොපැමිණෙන ලෙස බලපෑම් එල්ලකරමින් සිටී. ඔහුගේ අවශ්‍යතාව වී ඇත්තේ සාමාජිකයන් 50% කට අඩු පිරිසක් සහභාගි වීමෙන් මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීම බව පැවසේ.
දිවයින පුරා සිටින සියලුම දිස්ත්‍රික් විනිසුරන් හා මහේස්ත්‍රාත්වරු සමාජිකත්වය දරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය මෙම විශේෂ මහා සභාව රැස්වන්නේ සාමාජිකයන්ගේ බලවත් ඉල්ලීමට අනුව ය. අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනව, ඉහළ විනිසුරන් විශ්‍රාම යන වයස වසර 2 කින් දීර්ග කර, තවදුරටත් එම ධූරයේ තබාගැනීමේ ජනාධිපතිවරයාගේ උවමනාව බොහෝ විනිසුරන් හා මහේස්ත්‍රාත්වරුන් විරුද්දවීම එම මහා සභා රැස්වීම ඉල්ලාසිටීමේ ප්‍රධානතම හේතුව වී තිබේ. පසන් අමරසේන මේ සම්බන්ධව දරන්නේ ජනාධිපතිවරයාට උවමනා මතයයි. මේ නිසා ඔහු පක්ෂග්‍රාහී ලෙස යුක්තිය පසිඳලීම බල්ලට දමා උසාවිය තුළ ක්‍රියකරන ගමන්ම, දිවයින පුරා සිටින විනිසුරුවන්ගේ හා මහේස්ත්‍රාත්වරුන්ගේ බහුතර මතය එලියට ඒමට නොදී යටත් කිරීමට ද මේ මගින් උත්සහ දරමින් සිටී.
මේ තත්ත්වය මෙරට බොහෝ විනිසුරුවන්ගේ සහ හා මහේස්ත්‍රාත්වරුන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ.
– ජයසිරි බැද්දගේ –