රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට
1 min read
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියාව කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී, එහි සිටි පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සිද්ධියෙන් පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.
