දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
1 min read
පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙනවා.
ඒ පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ දිනවල පාසල් නිවාඩු කාලය ආරම්භ වී ඇති බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
