October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සැකකරුවන්ට බලහත්කාරයෙන් වරද පිළිගන්න බලපෑම් කළ බවට චෝදනා..

1 min read

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාට වරද පිළිගන්නා ලෙස වනජීවී නිලධාරීන් බලපෑම් කළ බවට ගල්ගමුව, හුනුගල්ලෑව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ඔවුන් මේ බව පවසා සිටියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

එහිදී ගම්වාසින් මෙලෙස අදහස් දැක්වීය,

”මේ වනවිට කාවන්තිස්ස හාස්තියාගේ මරණය සම්බන්ධව චෝදනාවට ලක්වෙලා සිරගත කර, රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න අවුරුදු විසිහයක් පුරාවට අපි ඉතාමත් හොඳින් දන්නා හඳුනන පිරිසක්. මේ කාල පරිච්ඡේදය තුළ මේ ඇත්තෝ සත්ව ඝාතනයන්ට සම්බන්ධ වෙලා තියෙනව, අවම වශයෙන් වැවක මාළුවෙක් අල්ලන්න හරි සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට කිසිම ආරංචියක් නෑ. මේ චෝදනාවොත් ඔප්පු කරන්න බැරිවීම හේතු කොටගෙන විවිධ අය අල්ලස් ලබාදීලා, මේ ඇත්තන්ට විරුද්ධව විවිධ ප්‍රකාශ ඇතුමුන්ගෙන් ලබාගන්න උත්සාහ කරන බව අපිට ආරංචි වෙනවා. මේ ඇත්තන්ට නීතිය හමුවේ සාධාරණත්වයක් ඉටුවෙන්න ඕනේ. ඒ වගේම සාධාරණ පරීක්ෂණයක් මේ වෙනුවෙන් ඉටුවෙන්න ඕනේ”

”පසුගිය සතියේ අපේ ගමේ බලපත්‍ර සහිත තුවක්කු තියෙන සියලු දෙනාම ඇවිල්ලා, නන්නාඳුන පිරිසක් විසි අරගෙන ගිහිල්ලා තියෙනවා. අරගෙන යන ගමන් තමයි පහර දීලා තියෙන්නේ. ඊටපස්සේ අපි මේ පුද්ගලයෝ කොහෙද අරන් ගියේ කියලා හොයනකොට, රෑ නවයට විතර ගල්ගමුව වනජීවී එකේ ඉන්නව කියලා ආරංචියට අපි ගමේ කට්ටිය ගියා. ගියාට පස්සේ කතා කරා. මොකද එතන හිටපු ප්‍රධාන නිලධාරියත් එක්ක මේ පුද්ගලයා ඇයි රැගෙන ආවේ? එතකොට කිව්වා මෙයාලා තමයි කාවන්තිස්සට වෙඩි තියලා තියෙන්නේ. මේක ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා මේ කට්ටිය අරන් ආවා. ඊටපස්සෙ අපි ඇහුවා ගම්වාසීන් විදිහට, මේක ඇයි එයාලා කරා කියන්නේ මොනවද තියෙන සාක්ෂි? ඔහොම ටික වෙලාවක් ඉන්නකොට එම පුද්ගලයා මට කිව්වා, මේක මල්ලි ඔයා་ ගිහින් කියන්න ඔයාලගේ කට්ටියට මේක බාරගන්න කියලා. මේක මම විසඳන්නේ, බාරගත්තා කියලා කිව්වොත් රුපියල් ලක්ෂයක විතර වගේ දඩයක් උසාවියෙන් නියෝග කරයි . ඒක ගෙවලා මේක ගොඩින් ඉවර කරන්න පුළුවන් කියලා . දැන් අපි ගමක් වශයෙන් මාර විදිහට අසරණ වෙලා ඉන්නේ. දැන් මේ ගම බය වෙලා ඉන්නේ. මොකද නන්නාඳුන පිරිසක් තමා ඇවිල්ලා, සමහර කට්ටිය බලෙන් සල්ලි දීලා බලෙන් කට උත්තර දෙන්න කියලා යනවා.”

ජනප්‍රිය පුවත්  දිසාපති ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවක අපි කියන විදිහට වැඩ කරන්නේ නෑ… ඒ තනතුරුවලට අපේ තරුණයෝ දාන්න ඕන…! - නි. ඇමති එරංග ගුණසේකර….
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x