ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තව දුරටත් විවෘත කරයි
1 min read
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
එම ජල පෝෂක ප්රදේශවලට (23) දින ඇදහැලුණු වර්ෂාව එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවත්, තවදුරටත් එම ජල පෝෂක ප්රදේශවලට තද වැසි පතිත වූවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
