October 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දේවානිට උසස්විමක්.. උතුරු මැද සහ නැගෙනහිර දෙවැනියා ලෙස පත් කරයි..

1 min read

ශ්‍රී ලංකාවේ පරිසර හා වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ කථාබහකට සහ අවධානයට ලක්වූ නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය උසස්වීම් ලබා, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නව නියෝජ්‍ය වන සංරක්ෂකවරිය ලෙස පත් කර තිබේ.

ඒ අනුව, ඇය 26 වැනි සඳුදා දින සිට එම නව ධුරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ සමයේදී, නීතිවිරෝධී ඉදිකිරීම් සහ පරිසර හානි වැළැක්වීම සඳහා දේශපාලන අධිකාරිය හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් ඇය මෙරට මහජනතාව අතර ප්‍රසිද්දියට පත්විය.

විශේෂයෙන්ම ‘කෲඩියා සෙලනිකා’ ශාකය රැකගැනීම සම්බන්ධයෙන් ඇගේ මැදිහත්වීම ජනතාව අතර කතා බහට ලක්විය.

මීට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස්වීම් සහ ස්ථාන මාරුවීම්වලදී ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හරිමින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවට දේවානී ජයතිලක මහත්මිය ප්‍රසිද්ධියේ කරුණු පෙන්වා දී තිබූ පසුබිමක, මෙම නව උසස්වීම ලැබීම විශේෂත්වයකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x