September 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී සුරේෂ් සලේට ඇඟිල්ල දික්කළ සජිත් ඇතුළු 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට CIDයට නීතිපති අනුමැතිය

1 min read

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී චෝදනා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

මෙම ප්‍රකාශ පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සිදුකර ඇති බැවින් ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වන අතර, ඒ අනුව මන්ත්‍රීවරුන් ලබාදෙන ඕනෑම ප්‍රකාශයක් ඔවුන්ගේ පූර්ණ සහයෝගය මත ස්වේච්ඡාවෙන් ලබාදිය යුතු වේ.

මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශයන් පිටුපස විශ්වාසදායක තොරතුරු තිබිය හැකි බවට සැකකෙරෙන බැවින්, එම චෝදනාවලට පදනම් වූ මූලාශ්‍ර මොනවාදැයි විමසා සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශවල හැන්සාඩ් පිටපත් ලබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ස්වේච්ඡාවෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසයි.

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ලබන අඟහරුවාදා (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනප්‍රිය පුවත්  යුද ගැටුම් හමුවේ බොරතෙල් මිල ඉහළට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ දින 100කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය ඉටු නොකිරීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට සැප්තැම්බර් 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x