September 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිකට් පරිවර්තන කමිටුව හිරවෙයි: ප්‍රමෝද්‍යගෙන් ඉරාන් ඇතුළු 9කට මිලියන 75ක එන්තරවාසියක්!

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා, තමන්ව තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසාධාරණ සහ අවිධිමත් ලෙස ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසාධාරණ ලෙස කැපූ කැපිල්ල

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව 2025 දෙසැම්බර් 17 වැනිදා වසර දෙකක කාලයක් සඳහා තමන්ව මෙම ධුරයට පත් කළ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන/අතුරු පාලක කමිටුව විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නිසි ක්‍රියාපටිපාටියකින් තොරව සිය පත්වීම නියමිත කාලයට පෙර හදිසියේ අවසන් කිරීමට එරෙහිව ඔහු මෙලෙස නීතිය හමුවට ගොස් ඇත.

අත්තනෝමතික තීරණයෙන් වෘත්තීය කීර්තිනාමයට තදින්ම හානි

තමන් සිය අනෙකුත් ව්‍යාපාරික හා වෘත්තීය කටයුතු පසෙකලා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ බවත්, මෙලෙස හදිසියේ ධුරයෙන් ඉවත් කිරීම නිසා තමන්ට හිමිවිය යුතු වේතන අහිමි වී බරපතළ මූල්‍ය අලාභයක් සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය හේතුවෙන් සිය වෘත්තීය කීර්තිනාමයට සහ විශ්වසනීයත්වයට දැඩි හානියක් සිදු වූ බවද ඔහු සිය පෙත්සමෙන් සඳහන් කර සිටී.

ජනප්‍රිය පුවත්  ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතිනවා - ට්‍රම්ප්

ඉරාන් වික්‍රමරත්න ඇතුළු 9 දෙනෙකුට සහ SLC එකට එරෙහිව නීතිමය පියවර

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් 9 දෙනෙකු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර ඇත.

කෝල් එකකින් දොට්ට දමා සල්ලිවලින් ප්‍රශ්නය යටගහන්න හදලා?

මීට පෙරද වත්මන් පරිවර්තන කමිටුව විසින් හිටපු තේරීම් කමිටුව ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බව කියා ඔවුන් විසින් එන්තරවාසි යොමු කර තිබිණි. එම තත්ත්වය යටපත් කර ගැනීමට හිටපු තේරීම් කමිටුවට මාස තුනක වැටුප් (දීමනා රහිතව) ගෙවීමට පරිවර්තන කමිටුව කටයුතු කර ඇති අතර, ඒ අනුව සාමාජිකයන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 24 බැගින් ගෙවා ඇති බවටද මීට පෙර වාර්තා විය.

එසේම, පැරණි තේරීම් කමිටුව ඉවත් කර ඇත්තේ හුදෙක් දුරකථන පණිවුඩ ලබාදෙමින් බවත්, එය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල නොවන පටිපාටියක් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x