August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය 31 වැනිදා එක්දින වැඩ වර්ජනයක

1 min read

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ලබන 31 වැනිදා පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

ඒ, ඔවුන්ගේ “අමතර සේවා දීමනා” සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.

2026 අගෝස්තු 29 වනදින මුල් කරගනිමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහිදී ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය වෙනස්කර “අමතර සේවා දීමනා”ලෙස සංශෝධනය කර තිබේ.

ඉන් අනතුරුව කිසිදු පිළිගත හැකි හේතුවක් නොදන්වා වෛද්‍ය සේවාව විසින් සිදු කරනු ලබන බලපෑම පදනම් කරගෙන එම චක්‍රලේඛය අවලංගු කර ඇති බවට එම සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පෙන්වාදෙයි.

කෙසේ වෙතත්, එම ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නැත.

ඒ අනුව අදාළ චක්‍රලේඛය බලගන්වන ලෙස ඉල්ලා සිටින අතර එසේ නොකරන්නේ නම් එය බලගන්නවන ලෙස බලකරමින් මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අජිත් පී තිලකරත්න මහතා සඳහන් කර සිටියේය.

සියලුම මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මානුෂීය කාරණා පිළිබඳ අවධානය යොමු කර ඉවත් කරන බව ද හෙතෙම කීය.

ජනප්‍රිය පුවත්  Buddy කියන කුණුහරුපේ 2015 ඉඳලා පොත්වල… අපේ Buddy තමයි හාමුදුරුවන්ටත් පේන්නේ!

සෙසු සියලුම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවත් ඒ ඒ ආයතන සහ රෝහල් තුළ ප්‍රධාන ඖෂධවේදීන් අමතා ආයතන ප්‍රධානීන්ට එම සේවාවන් ලබාගත හැකි බවත් ඔවුහු තවදුරටත් සඳහන් කර සිටියහ.

මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි අපහසුතා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x