October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

1 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ හින්දු, කතෝලික හා මුස්ලිම් ආගමික නායකයින් අතර හමුවක් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී අදහස් පළ කරමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ‍, කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවය.

දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන්ගේ සහ අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව වටහාගෙන, නැවත ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලුදෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොතැබු බව සඳහන් කළ ජනාධිපතිවරයා වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ නීතියේ විධානයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වත්මන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වී ඇති බැවින්, ඇතැම් කණ්ඩායම් ජාතිවාදය පදනම් කර ගනිමින් ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.

රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයෝ ඒ වෙනුවෙන් සිය පුර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.

ජනප්‍රිය පුවත්  2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමේ හැකියාවක් නෑ.. - FUTA හෙළිකරයි..

ආගම හෝ සංස්කෘතිය පදනම් කර ගනිමින් ජාතිවාදය වැපිරීමට උත්සාහ කරනවා නම් ඊට තමන් විරුද්ධ බවත්, ආගමකින් කළ යුත්තේ සියලු දෙනාට ආදරය බෙදාහැරීම බවත් මෙහිදී හින්දු පූජකවරුන් පෙන්වාදී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පාලකයන්ගේ ක්‍රියාකලාපයන් සහ තීරණ ප්‍රශ්න කිරීමට, ජනතාවට ඇති පූර්ණ අයිතිය වත්මන් රජය පිළිගන්නා බවත්, එසේ වුවද, ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීමට හෝ සමාජය තුළ වෛරය වැපිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී එම නියෝජිතයෝ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර පාස්කු ප්‍රහාරයට අදාළ වින්දිතයින්ට සාධාරණය ඉටුවිය යුතු බවත්, ඊට සම්බන්ධ පිරිස් පිළිබඳව තොරතුරු හෙළිදරව් විය යුතුය යන්න තමන්ගේ අපේක්ෂාව බවත්, එම කටයුතු වෙනුවෙන් සිය සහාය පළ කරන බවත් සඳහන් කළහ.

ඉස්ලාම් ආගමික ග්‍රන්ථ සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු කිහිපයක් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණු අතර ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් යුතුව එම ගැටලු විසඳා ගැනීම පිළිබඳවත්, යම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් එම ග්‍රන්ථ පරිශීලනය අවස්ථාව සැලසීම පිළිබඳවත් සාකච්ඡා විය.

ජනප්‍රිය පුවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද

ව්‍යවස්ථාදායක සභාව වැනි ජාතික මට්ටමේ පාලන ආයතන තුළ මුස්ලිම් ප්‍රජාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ නිසි නියෝජනයක් පැවතීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළව රජයේ මැදිහත්වීම පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අවස්ථාවකම සියලු ප්‍රජාවන් වෙනුවෙන් නිසි නියෝජනයක් ලබාදීම රජයේ අරමුණ බවත් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මුස්ලිම් ප්‍රජාව පසුගිය කාලයේ මුහුණ දුන් ගැටලු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර, නිල ඇඳුම් ගැටලුව වැනි තාක්ෂණික හෝ පරිපාලනමය කරුණු මුල් කරගනිමින් සමාජය තුළ ජාතිවාදී හෝ ආගමික නොසන්සුන්තාවන් යළි හිස එසවීමේ තත්ත්වයන් නිසි ලෙස අවබෝධ කර ගනිමින් එම ගැටලු විසඳා ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර රටේ සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කරමින්, කිසිදු ආකාරයක ජාතිවාදී හෝ ආගමික වෛරී ක්‍රියාකාරකම්වලට ඉඩ නොතබා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ජනප්‍රිය පුවත්  ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන කාටවත් ගැටලුවක් නැහැ - හර්ෂ ද සිල්වා

ජනජීවිතයට බලපාන පරිසර හානි සහ විනාශයන් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සියලු ජන කොටස් අතර විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන ඇති පියවර අගය කළ කතෝලික ආගමික නායකයෝ ඒ වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළහ.

කතෝලික ජනතාව ජීවත්වන ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ඔවුන් මුහුණ දී ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x