ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන කාටවත් ගැටලුවක් නැහැ – හර්ෂ ද සිල්වා
1 min read
ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කළ යුතුය යන ස්ථාවරයෙහි බොහෝ දෙනා සිටින බවත් එසේ දීර්ඝ කිරීම පිළිබඳව කාටවත් ගැටලුවක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
“මෙතැනදී උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට නම්, එතන මම හිතන්නෙ දැන් මිනිස්සු කාලයක් ජීවත් වෙනවා, ඒක කිරීම පිළිබඳව මං හිතන්නෙ කාටවත් ගැටලුවක් නැහැ. ඒක දීර්ඝ කළ යුතුයි කියන තැන මං හිතන්නෙ බොහෝදෙනා ඉන්නවා. සමහර කට්ටියට කියන්න පුළුවන් මේ දේශපාලන අරමුණ හොඳයි කියලා. මොකක්ද අරමුණ, අපට අවශ්‍ය වෙලා තියෙනවා මේ හොරු ටික හිරේ දාන්න. සමහරු කියන්න පුළුවන් මේ දේශපාලන අරමුණ හොඳ නැහැ, මොකද මේක දේශපාලන දඩයමක් කියලා. අන්න ඒ නිසා මං විශ්වාස කරන්නෙ අපි මේක ක්‍රමානුකූලව කරමු”
හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
