October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළට

1 min read

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඒ අනුව අද (11) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් සලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.

පසුගිය ජූලි 24 වැනිදායින් පසු ඉකුත් 9වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ අතර, එතැන් සිට නොකඩවා මෙලෙස තෙල් මිල ඉහළ යමින් ඇත.

බ්‍රෙන්ට් තෙල් මිල ඉහළ යාමට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 103.34 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.48 ක් ලෙස සටහන් වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x