September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්ධන නිකුතුව සීමාකිරීමෙන් ෂෙඩ් හිමියන් අසීරුවේ.. – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති

1 min read

විදෙස් සමාගම් ඉන්ධන නිකුතුව සීමා කිරීම හේතුවෙන් මහ ජනතාව පමණක් නොව ඉන්ධනහල් රැසක්ද පීඩාවට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසයි.

සෑම ඉන්ධනහලක්ම පවත්වාගෙන යාමේදී මාසික පිරිවැයක් පවතින බවත් ඉන්ධන නොලැබීම නිසා ඒවා පවත්වාගෙන යාම අසීරු වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කරන මාධ්‍ය සාකව්ඡාවකට එක්වෙමින් ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මේ බව සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉන්ධනහල් සේවකයින්ට වැටුප් ගෙවීමද අසීරු වී ඇති බැවින් පවතින ගැටලුව හැකි ඉක්මනින් නිරාකරණය කර දෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x