September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්?

1 min read

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය සලකා බලා, එළඹෙන සැප්තැම්බර් මාසය අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

අද (14) පැවැති උත්සවයකින් අනතුරුව ඇතැම් පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම්හි පවතින ඉන්දන හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබුණද, දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පවතින මෙම තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රජයට කරුණු වාර්තා කර ඇති අතර, එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බව හෙතෙම පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x