තායිලන්තයේ නියෝජ්ය අගමැතිනියගේ ගමන පෞද්ගලික සංචාරයක්.. ඉන්දියානු පූජකවරයා ආවේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කරන්න.. ඒක නිල සංචාරයක්.. – ඇමති විජිත හේරත්
1 min read
මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත් නිරාවරණය කිරීමේ සහ සර්වඥ ධාතු නිධන් කිරීමේ පුණ්ය මහෝත්සවය සඳහා සහභාගී වීම පිණිස ශ්රී ලංකාවට පැමිණි තායිලන්තයේ නියෝජ්ය අගමැතිනියගේ සංචාරය පෞද්ගලික සංචාරයක් බව ඇමති විජිත හේරත් මහතා පවසයි.
ඉන්දියාවේ අයෝධ්යා නුවර ශිව කෝවිලේ ප්රධාන පූජක කෛශානන්ද් ගිරිජි මහාරාජ් ඇතුළු විශේෂ ඉන්දීය නියෝජිත පිරිස මෙරටට පැමිණියේ මෙරට සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම සඳහා බවත් එය නිල සංචාරයක් බවත් ඔහු පවසයි.
තායිලන්තයේ නියෝජ්ය අගමැතිනියගේ සංචාරය සම්බන්ධයෙන් රාජ්ය තාන්ත්රික පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් රජය විසින් ලබා නොදීම සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, මේ වසරේ පෙබරවාරි මස මෙරටට පැමිණි ඉන්දියාවේ අයෝධ්යා නුවර ශිව කෝවිලේ ප්රධාන පූජක කෛශානන්ද් ගිරිජි මහාරාජ් ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසට ලබාදුන් පිළිගැනීම පිළිබඳව ද සාමාජ මාධ්ය ඔස්සේ අනාවරණ රැසක් සිදුකර තිබේ.
