October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් පාම් තෙල් ආනයනයට පැනවූ සීමා ඉවත් කිරීමේ උත්සාහයක.. – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

1 min read

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ කූට ව්‍යාපාරිකයන් පිරිසක් එක්වී එළඹෙන අයවැය යෝජනාවක් ලෙස පාම් තෙල් ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ විද්වත් කමිටුවක නිර්දේශ මත 2021 වසරේ සිට ලංකාවට පාම් තෙල් ආනයනය කිරීම සඳහා විවිධ සීමාවන් පනවා තිබූ අතර, වත්මන් රජයද එම ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන ගියේය. කෙසේ වෙතත්, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුව පවා දැනුවත් නොකර මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජය නොමඟ යවමින් මෙම සීමා ඉවත් කිරීමට සැරසෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

මෙමගින් මහජනතාවගේ ආහාර සුරක්ෂිතතාව අවදානමට ලක්වන අතර, ජනතාව තුළ රජය කෙරෙහි වැරදි ප්‍රතිරූපයක් ඇති කිරීම මෙම නිලධාරීන්ගේ අපේක්ෂාව විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයාට, වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යවරයාට හෝ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට මෙම සීමා ඉවත් කිරීමට කිසිදු වුවමනාවක් නොමැති බැවින්, මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජනප්‍රිය පුවත්  ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x