August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉතිහාසය පුරා පාලකයන් බලයට පත්වුණේ බොරු කියලා.. අපි නම් එහෙම නෑ.. – වටගල

1 min read

ඉතිහාසය පුරා පාලකයන් බොරු පොරොන්දු දී බලයට පත්වුවද ජනවරමට වගවීමක් නොවූ බවත්, ජනතාවට වගකියන ජන වරමට ගරු කරන ආණ්ඩුවක් රටට අවශ්‍ය වී තිබූ බව සහ තම ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවත් නි. අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.

තමන් ජන වරමෙහි වගකීම මැනවින් අවබෝධ කරගෙන ජනවරමට ගරු කරන ආණ්ඩුවක් ලෙස ඉදිරියට යන බවද වටගල මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12:1 වගන්තියෙන් නීතිය ඉදිරියෙහි සියලු දෙනා සමාන යැයි කීවද අතීතයේ පිරිසක් හෝ කැබිනට් මණ්ඩලය නීතියට උඩින් සිටි බවත් තම ආණ්ඩුව එම වගන්තියට නියම අර්ථය ලබා දී ඇති බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x