November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අරලියගහ මන්දිරයේ දානේ ටික වළඳන්න යන්න එපා අපේ හාමුදුරුවනේ..” – සර්ව ආගමික සමුළුවට මහා සංඝරත්නයේ විරෝධය

1 min read

නොවැම්බර් 5 වෙනි දා අරලියගහ මන්දිරයේ සර්ව ආගමික සමුළුවක් සඳහා මහා සංඝරත්නයට ආරාධනා කර ඇති බවත්, මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ සර්ව ආගමික වැඩසටහන් කිරීම නොව බෞද්ධ ශාසනයට එල්ල කරන අපවාද නතර කිරීම බවත් යටිනුව ඒකාබද්ධ භික්ෂු එකමුතුව පවසති.

එදිනට ලබාදෙන දානය වැළඳීමෙන් වලකින ලෙස එම අවස්ථාවට සහභාගිවන භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත් එම එකමුතුවේ භික්ෂූන් වහන්සේලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරති.

එමෙන්ම යටිනුවරින් කිසිඳු භික්ෂූන් වහන්සේ නමක් එයට සහභාගී නොවන බවද උන්වහන්සේලා පවසති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x