September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිකං ගොං කතා කියන්නෙපා… අපි හිල් ජොක්කු ඇන්දේ නෑ.. අපි කෝටිපති…! – මාලිමා මන්ත්‍රී…

1 min read

කෝටිපති ධනවතුන් වන තමන් කිසි දිනක හිල් යට ඇඳුම් නොඇන්ද බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උපුල් අබේවික්‍රම අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පසුගියදා(15) දෙරණ වාද පිටිය දේශපාලන සංවාදයට එක්වෙමිනි.

සර්වජන සර්වජන බලය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ නලින් පතිරණ විසින් “ඔයගොල්ලෝ ඒකාලේ කිව්වේ හිල් යට ඇඳුම් ගැනනේ.. දැන් කොහොමද කෝටිපතියන් වුණේ?” යැයි ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීඋපුල් අබේවික්‍රම මෙසේ කීවේය.

“නිකං ගොං කතා කියන්න එපා. මෝඩ කතා කියන්නෙපා. මොනාද මේ කියන්නේ? අපි කවද්ද හිල් යට ඇඳුම් ඇන්දේ? අපි මිලියනර්ස්ලා තමයි. ඉතින් ඇයි? අපි කිව්වේ ජනතාවගේ මුදල් හොරකම් කරන්නෑ කියලා.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x