පොලිස් ප්‍රධානීන් පත්කිරීම් සම්බන්ධයෙන් ඇමති ආනන්දට චාමරගෙන් දැඩි ප්‍රහාරයක්..
1 min read
පොලිස් නිලධාරීන් සහ උසස් පොලිස් ප්‍රධානීන් පත්කිරීමේදී තෑගි බෝග හා වෙනත් වාසි තකා කටයුතු කර ඇති බවට චෝදනා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් චාමර සම්පත් මන්ත්‍රීවරයා සඳහන් කළේ, පොලිස් ක්ෂේත්‍රයේ නිලධාරීන් පත්කිරීම් සහ ස්ථාන මාරුවීම් සිදුකිරීමේදී විනිවිදභාවයකින් තොරව කටයුතු කර ඇති බවයි.
මූලස්ථාන පොලිස් පරීක්ෂකයකු වීමට නම් අඩුම වශයෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙක් වශයෙන් සේවය කර තිබිය යුතු බවත්, කොමිෂන් සභාවෙන් පත්කළ බවට පැවසුව ද මෙම පත්කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පවසයි.
