October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

1 min read

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ “හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලනවා” වෙනුවට පෙන්වා දෙන සැබෑ අර්ථය තේරුම් ගැනීම වැදගත් බවයි. අතීතයේදී මඩිහේ පඤ්ඤාසීහ නායක හිමියන් අතිශය ශාන්ත ලෙස මෙම ජාතික ප්‍රශ්න පෙන්වා දුන් අවස්ථාවලදී පවා සමාජය ඊට නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වූ බව මතක් කළ උන්වහන්සේ, පුද්ගලයෙකුගේ උත්පත්තියෙන් ලැබුණු හඬ පදනම් කරගෙන එල්ල වන ප්‍රකාශ අවතක්සේරු නොකළ යුතු බව ප්‍රකාශ කළහ.

මේ වන විටත් මහානායක හිමිවරුන් ඇතුළු සංඝ සභාවන් රැසක් මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර ඇති අතර, ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් වන බව උන්වහන්සේ පැවසූහ. මහානායක හිමියන්ගේ ලිපිය කෙරෙහි රජයේ අවධානය යොමු වනු ඇතැයි උන්වහන්සේ විශ්වාසය පළ කරති.

ජනප්‍රිය පුවත්  අයහපත් කාලගුණය නිසා මියගිය ගණන 56 දක්වා ඉහළට

එමෙන්ම, සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගිණුම් ඔස්සේ තමන් වහන්සේ ඉලක්ක කරගනිමින් “ඊළඟට ජම්පරය අන්දවන්නේ ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ට” යැයි කියමින් මඩ ප්‍රචාර පතුරුවන බවත්, එලෙස අවලාද නගන පිරිස් කෙරෙහි තමන් වහන්සේ කරුණාවෙන් හා උපේක්ෂාවෙන් පසුවන බැවින් ඔවුන්ගේ ජීවනෝපායන්ට බාධා නොකරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

අවසාන වශයෙන්, ඥානසාර හිමියන් වෙනුවෙන් රට පුරා බෝධි පූජා පවත්වා ආශිර්වාද එක්කරන ලෙසත්, මෙම සිදුවීමේ ගැඹුරු යථාර්ථය වටහාගෙන සංවේදීව කටයුතු කරන ලෙසත් උන්වහන්සේ ජනතාවගෙන් හා ජාතික සංවිධානවලින් ඉල්ලා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ අංශප්‍රධාන පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x